ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ කෘෂිකර්මාන්තයේ දොරත් ඇරෙයි
විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ ජපානය මෙතෙක් ශ්‍රි ලංකාව වෙත ලබා දුන් සාත්තු සේවා හා ආහාර පාන සේවා ක්ෂේත්රයේ රැකියාවලට අමතරව කෘෂිකර්ම ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබී තිබේ.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා අනෙකුත් ආයතනවල මැදිහත්වීම මත මෙම කෘෂි ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර, තානාපති කාර්යාලය මෙහිදී සුවිශේෂි කාර්යභාරයක් සිදුකර ඇත.
කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා ජපන් භාෂා ප්රවීණතාවයට අමතරව වෘත්තීය සුදුසුකම්ද අවශ්‍ය වන අතර වයස අවුරුදු 17 ට වැඩි සුදුසුකම් ලත් අයට මේ සඳහා අයදුම් කළ හැකි බව කාර්යාංශය සඳහන් කරයි.
කුසලතා පරීක්ෂණයට අදාළ විභාග 2022 ජූලි මස 29 හා 31, අගෝස්තු 2,3,5,7-10,19,21,23-26 හා 28, සැප්තැම්බර් 1,2,4,6,7,9 හා 11, ඔක්තෝම්බර් 11-13,16,18-20 හා 23 සහ නොවැම්බර් මස 8-10,13, 15 හා 16 යන දින වලදී පරිගණක ආශ්රයෙන් පැවැත්වේ.
පරිගණක ආශ්රයෙන් මෙම විභාගය පැවැත්වෙන්නේ කොළඹ පහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත මාවතේ පිහිටි Australia college of business and technology ආයතනයේදීය.
එක් මසකට උපරිම අයදුම්කරුවන් 150ට විභාගයට පෙනී සිටිය හැකි අතර විභාග ගාස්තු ජපන් යෙන් 3500 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 6300.00 ක් පමණ වේ.
මෙම විභාගයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ජපන් රැකියා ද්වාරය (SSW Japan) වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
popular news
-
Weerashingha MUDIYANSELAGE samantha Kumara Tuesday, 26 July 2022 03:57 PM
Kamathi hodai
Reply : 0 0
T.s.s.kumara Thursday, 04 August 2022 04:59 PM
Ko
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

