ශ්‍රී ලන්කන් 18 දා තෙක් දමාන් ගුවන් ගමන් අත්හිටුවයි
සෞදි අරාබිය තුළ මතු වී ඇති යූධමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ කටුනායක සහ සෞදි අරාබියේ දමාම් අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් පවත්වා ගෙන යනු ලබන ගුවන් ගමන් සේවා එළඹෙන 10/18 දින දක්වා තාවකාලිකව අත්හිහිටුවීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තීරණය කර ඇති බව එහි ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැමවිටම සිය ගුවන් මගීන්ගේ සහ ගුවන් යානා කාර්යය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන බැවින් , පවතින තත්වය වානිජ ගුවන් ගමන් සදහා සුදුසු බවට තහවුරු වූ වහාම සිය ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද එම නිවේදනයේ සදහන් වේ .
මේ පිළිබද සිය ගුවන් මගීන්ට සිදු වන අපහසුතා වලට සිය කනගාටුව ප්‍රකාශ කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවය , මේ පිළිබද වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා ඔබගේ සංචාරක නියෝජිතයන් අමතන ලෙසත් , මීට අමතරව 1979 (ශ්‍රී ලංකාව තුළ) හෝ +94117771979 ( ජාත්‍යන්තර ඇමතුම් ) , හෝ WhatsApp +94744441979
( කෙටි පණිවිඩ ) මගින් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි බව දැනුම් දී සිටිති .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

