ශ්රී ලන්කන්, ඛනිජ තෙල් හා විදුලියේ පාඩුව අගමැති හෙළිකරයි
ශ්රී ලංකන් ගුවන් සමාගම මේ වන විට රුපියල් බිලියන 372ක සමස්ත පාඩුවක් ලබා ඇති බවත් ඉදිරියේදී ඒය පුද්ගලීකරණය කිරීමට යෝජනා කරන බවත් අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
ජාතිය හමුවේ විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. ඒසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ් ඒ් වර්ගයේ ඉන්ධනවලින් ලබන පාඩුව හා විදුලි බල මණ්ඩලය ලබන පාඩුව පිළිබදවද මෙහිදි ඔහු ජනතාව දැනුවත් කළේය.
"මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 - 2021වර්ෂයේ පමණක් ශ්රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි.
කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩිවෙන්න ඉඩ තියෙනවා. රජය මේ වන විට 92 පෙට්රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා.තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ.
ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතල ගැටලුවක්.
popular news
-
S Krämer Monday, 16 May 2022 02:28 PM
No interest at all for wasting time since all are worsening such a nice country. Entire present politicians are corrupted dirty Team.
Reply : 0 0
nilan Monday, 16 May 2022 10:27 PM
why dont you reduce number of employees and reduce all the huge benefists given to them and also why dont you reduce salary of the employees and also increase the prices if they are running at a lost?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

