ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙක් ලිංගික අතවරයට ලක්වෙලා
සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් 03/16 දින අත් අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබේ .
මොහු කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි , එම ප්‍රදේශයේ වැඩ පොළක් ( Work Shop ) පවත්වා ගෙන යන්නෙකි .
මොහු 03/15 දින රාත්‍රී 10.00 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණෙන අතරවාරයේ , අධික ලෙස බීමත්ව , එම ගුවන් යානයෙහි සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කර තිබේ.
මෙම සිදුවීම පිළිබද වහාම එම ගුවන් සේවිකාවන් දෙදෙනා ගුවන් යානයෙහි ගුවන් නියමුවා වෙත වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු මේ පිළිබද කටුනායක ගුවන් තොටුපොළ පාළක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ .
ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් මොහු අත් අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දී තිබේ .
මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය ලිංගික අඩන්තේට්ටම් වලට ලක් වූ ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී මොහු අධික ලෙස බීමත්ව සිටින බවට තහවුරු කර තිබේ .
මෙම සිදුවීම ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදු වී ඇති බැවින් , මොහු 03/16 දින කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

