ශ්රී ලංකා රේගුව විසින් මේ වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය පසුකර ගිය බව ශ්රී ලංකා රේගුව නිවේදනය කරයි.
ඊයේ (11දා) දිනයේදී එම ඉලක්ක පසු කර ගිය බව නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ අනුව මේ වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ දිනය වනවිට රු. බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.