ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්- වහබ්වාදය නැවැත්විය යුතුයි
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් වහබ්වාදය ශ්‍රී ලංකාවේ පැතිරවීම නවතා දැමිය යුතු බවත් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
බියගම ඊයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ඔව් මේක සිංහල බෞද්ධ රටක්. මෙහි බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයින්. පෞද්ගලික මතයක් හැටියට තමයි එතුමා (මංගල සමරවීර මහතා) ඒ ප්‍රකාශය කළේ. හැබැයි අපි කවුරුත් දන්නවා මේ ලංකාවේ සියයට 70කට වඩා ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව.
අරාබියෙන් වෙළඳමට මෙහාට ඇවිල්ලා ඒ අය පදිංචිවුණාට පස්සේ ලංකාවේ සංස්කෘතියට ගෞරව කරමින් තමයි ඒ අය ජිවත් වුණේ. කිසි ප්‍රශ්ණයක් ඇතිවුණේ නෑ. මෑත කාලයේ සිට තමයි මැදපෙරදිග තිබෙන වහබි කියන සංස්කෘතියක් ගෙනල්ලා මේ මුස්ලිම් ජනතාව තුළ මතුවෙලා ගැටුම් ඇති වෙලා තිබෙන්නේ.
වහබි සංස්කෘතිය ගෙනියන කණ්ඩායමක් ඉන්නේ ඕක නවත්වන්නට ඕන. ඒක රටේ සංස්කෘතියට අයිති නැති එකක්. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. ත්‍රස්ත කල්ලියේ විශාල ගණනාවක් අත්ඩංගුවට ගෙන තිබෙනවා. තවත් අය අත්අඩගුවට ගැනිමට තිබෙනව. තවත් නොබෝ දිනයකින් ඒ අය අත්අඩංගුවට ගනීවි.”

popular news
-
Champa Monday, 20 May 2019 06:25 PM
එහෙමද? එහෙනම් බතියුදීන්ට විරුද්ධව ගෙනල්ල තියෙන විශ්වාසභංගයට පක්ෂව චන්දෙ දීල ඔහුව ඉවත් කරන්න එකතු වෙන්න.
Reply : 0 75
රජින්ද Tuesday, 21 May 2019 02:46 AM
හැබැයි බියගම මිනිස්සු කියන්නේ වෙනස්ම කතාවක්... බහුතරයක් මුස්ලිම් ඉන්න බියගම රුවන්ගේ බලපෑම් නිසා නිසිආකාරව පරීක්ෂා නොකෙරෙන බවයි. පුරසාරම් හා කටමැත දෙඩවීමෙන් කිසිවක් සිදු වන්නේ නැත.
Reply : 0 101
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

