සමීප මිත්‍ර අසල්වැසියෙකු වන ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම පෙනී සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඉන්දියාවේ සංචාරක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16දා) පස්වරුවේ නවදිල්ලි නුවරදී හමුවූ අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර හමුව පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්දිරයේ පිහිටි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදීයි.
මෙම තීරණාත්මක අවස්ථාවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සියලුම සහය පිළිබඳව මුදල් අමාත්‍යවරයා ඉන්දීය අගමැති මෝදිට ස්තූති කළේය. සමීප මිතුරෙකු වන ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව සැමවිටම සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සහතික විය.
ද්විපාර්ශ්වික සබඳතාවයට අදාළ පුළුල් පරාසයක කරුණු පිළිබඳව මෙම හමුවේදී ඔවුන් සාකච්ඡා කළහ. කෘෂිකාර්මික, පුනර්ජනනීය බලශක්ති, ඩිජිටල්කරණය, සංචාරක සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර, මෙහිදී සාකච්ඡාවට බදුන්විය.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමේ සහයෝගීතාව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන අතර එය ශක්තිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවට ද ඔවුන් සඳහන් කළහ.
මෙහිදී ඉන්දු - ලංකා ධීවර ගැටලුව පිළිබඳව අවධානය යොමුවූ අතර එයට තිරසාර විසඳුමක් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
