කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජූනි මස ඇරඹීමට නියමිතයි - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, ආංශික අධීක්ෂණ කාරක සභාවට දනුම් දෙයි.
- 2023 වසරේ ගතවූ මස 7 තුළ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික)සමාගමට ඩොලර් මිලියන 18ක ශුද්ධ ලාභයක්.
- ලංකාව තුළ භාණ්ඩ බෙදා හැරීමේදී මුහුදු මගින් ප්‍රවාහනට ඇති හැකියාව සොයා බලන්න - කමිටුවෙන් අමාත්‍යංශයට උපදෙස්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන 2024 ජූනි මස පළමුවැනිදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.
ඒ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත, 2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා වරයා,නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්ථාව සලකා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා )( පෞද්ගලික )සමාගමේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරී (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
කමිටුව හමුවේ කරුණු දක්වමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් වලින් මේ වන විට 20% ප්‍රගතියක් ලබා තිබෙන බවයි.නැගෙනහිර පර්යන්තයේ, ඉදිකිරීම් 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමටද සැලසුම්කර ඇත.
කොළඹ වාරයේ බටහිර පර්යන්තයයේ ඉදිකිරීම් වලද දැනට 20% ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවත් එහි ඉදිකිරිම්ද 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ නිලධාරීන් පැවසුහ.
මේ අතර 2022 වසරේ ජුනි මාසයෙන් පසු තමන් ලාභ ලබමින් සිටින බව සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම පැවසීය. ඒ අනුව මෙම වසරේ (2023) ගතවූ මස 7 තුල එම සමාගම ඩොලර් මිලියන 18ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.
ලොව පුරා සිටින ගුවන්සේවා ආශ්රිත කටයුතු කරන පිරිස් හා පර්යේෂණ කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් මෙම වසරේ දෙසැම්බර් 10 වැනි දින පැවැත්වීමට සැලසුමකර ඇති බව සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාමේ සභාපතිවරයා පැවසීය.ඒ සඳහා ලොව ප්‍රධන පෙළේ ගුවන් සමාගම් ප්‍රධානින් ඇතුළු ආයතන රැසක් පැමිණීමට නියමිතයි.
ඉදිරි සියවසේදී භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීමේ වාසිය උපයෝගී කරගනිමින්,නාවික හා ගුවන් සේවා කටුතු වලින් ශ්‍රී ලංකාවට ඇති අවස්ථාවන් පිලිබදව ,ජාතික ප්රතිපත්තියකට ඇතුලත් කර ඇති කරුණු පිළිබඳව සභාපති වරයා නිලධාරීන්ගෙන් විමසීමක් කළේය. ඒ අනුව මේවන විට සකස් කර ඇති ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත කමිටුව හමුවට යොමු කරන බව නිලධාරීන් කමිටුව දැනුම් දුන්නේය.
එමෙන්ම ලංකාව තුල භාණ්ඩ බෙදා හැරීමේදී මුහුදු මගින් එම භාණ්ඩ ප්‍රවාහනට ඇති හැකියාව සොයා බලන ලෙසට කමිටු සාමාජික මන්ත්‍රී වරයන් විසින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයට උපදස් ලබා දුන්හ.