ශ්රී ලංකාවේ වතිකානු තානාපති අතිඋතුම් බ්රයන් උඩග්වේ හිමිපාණන් ඊයේ (21දා) බදුල්ල හා මොනරාගල දිස්ත්රික්ක වල සංචාරයක නිරතවිය.ප්රථමයෙන් හල්දුම්මුල්ල ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ ආගමික වතාවන්ට එක්වූ උන්වහන්සේ අනතුරුව බදුල්ල ශාන්තමරියා ආසනමැදුර දේවස්ථානයට වැඩම කළහ.
එහිදී බදුල්ල පදවියේ රදගුරු වින්සන්ට් ප්රනාන්දු හිමිපාණන් ඇතුළු බදුල්ල පදවියේ සියලු පූජක පැවිදි හිමිවරුන් හමුවූහ.
දේව මෙහෙයෙන් අනතුරුව බදුල්ල දිස්ත්රික්කයේ රාජ්ය නිලධාරීන් සහ අනෙකුත් ආගමික නායකයින් හමුවූ තානාපති හිමිපාණන් ඔවුන් සමඟ ප්රදේශයේ පවතින ගැටළු සහ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ.
අනතුරුව වැල්ලවාය ශාන්ත මරියා දේවස්ථානයටත්,තණමල්විල සුවසහන කිතුසමිඳු දේවස්ථානයටත් ගිය තානාපති හිමිපාණන් වහන්සේ අදාල ප්රදේශ වල ජනතාව හමුවී සුහද කතාබහක නිරතවී සිය සංචාරය නිමකළේය.
මෙම අවස්ථාවන්ට දේවස්ථානාධිපති හිමිවරුන් වන බර්නාඩ් කොස්තා ,ප්රියලාල් කුරේ ,ඩිලෙක්ට් ශාන්ත යන හිමිවරුන් ඇතුළු බදුල්ල පදවියේ කතෝලික දේවස්ථාන රැසක පූජකතුමන්ලා සහභාගී වූහ.
මොනරාගල සුමනසිරි ගුණතිලක


