ශ්‍රී ලංකාවෙන් ත්‍රිත්ව තුරන් කිරීම ජුනි 01දා සිට ඇරඹේ
මවගෙන් දරුවාට HIV සහ සිපිලිස් (Syphilis) සම්ප්‍රේෂණය වැළැක්වීමට එන්නත්කරණය මෙරට ක්‍රියාත්මක වූ අතර එම ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථක බැවින් මවගෙන් දරුවාට HIV හා සිපිලිස් (Syphilis) සම්ප්‍රේෂණය වැළැක්වූ රටක් ලෙස 2019 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊට අදාළ සහතිකය මෙරටට ලැබුණි.
මෙම වැඩසටහන තවත් ඉදිරියට ගෙන යමින් හෙපටයිටීස් - බී (Hepatitis -B) රෝගය තිබේදැයි පරීක්ෂා කිරීම ද ඇතුලත් කර ගැබිණි මව්වරුන්ගේ රුධිරය පරීක්ෂා කිරීමේ ත්‍රිත්ව (Triple Eliminayion) තුරන් කිරීමේ විශේෂ වැඩසටහන ජුනි පළමුවනදා සිට (01) ශ්‍රී ලංකාවම ආවරණයවන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය මාධ්‍ය හමුව ආරම්භ කරමින් ශ්‍රි ලංකාවමේවන විට මවගෙන් දරුවාට HIV සහ සිපිලිස් (Syphilis) තුරන්කළ රටක් ලෙස 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කළ බවත්, මේවන විට මවගෙන් දරුවාට HIV සහ සිපිලිස් (Syphilis) බෝවීම ඉතා අවම මට්ටමක පවතින බවත් ඇය පැවසුවාය.
එම වැඩසටහනේ තවත් ආරම්භයක් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණක් ලෙසින් ශ්‍රී ලංකාවෙන් සහ ලෝකයෙන් HIV , සිපිලිස් (Syphilis) සහ හෙපටයිටීස් - බී (Hepatitis -B) මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම තුරන් කිරීමමේ අඩිතාලමක් ලෙස මෙම වැඩසටහන අද දින එළිදැක්වූ බව ද සදහන් කළාය.
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා අදහස් දක්වමින් මේවන විට හෙපටයිටීස් - බී (Hepatitis –B ) රෝගය සම්භන්ධයෙන් පූර්ව පරීක්ෂණයක් සිදු නොවන බවත් මෙම වැඩසටහන ආරම්භයත් සමග ගැබිණි මවක් ලෙස ඇය ලියාපදිංචි වන අවස්ථාවේ දීම ඇය පරීක්ෂාවට ලක්වන බවත් පැවසීය.
ගර්භනී සමයේ පූර්ව පරීක්ෂාවට ලක්වීම අතිශය වැදගත්වන බව පෙන්වා දුන් වෛද්‍යවරයා හ්‍රී ලංකාව මාතෘ සංරක්ෂණය,ගර්භණී මාතාවන්ට රැකවරණය ලබා දීම ඉතාමත් ඉහළ මට්ටමකින් සංවිධානය වූ වැඩසටහනක් මෙරට ක්‍රියාත්මක බවද පැවසීය.
වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතා අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත විද්‍යා රෝග විද්‍යා අංශය ලෙස මවගෙන් දරුවාට හෙපටයිටීස් බී රෝගය බෝවීම වැළැක්වීම සදහා සිදුකරන ක්ෂේත්‍ර පරීක්ෂණ මාලාවට අවශ්‍ය දායකත්වය, සහයෝගය ලබා දෙන ලෙස විවෘත ඉල්ලීමක් සිදුකලේය.
මෙම සේවාව නොමිලේ ලබා දෙන සේවාවක් බවත් සිහිපත් කළ ඒ මහතා යම්කිසි ආසාදිත මවක් වාර්ථාවුව හොත් එම මවට සියළු ප්‍රතිකාර හා නව ජන්මයාට අවශ්‍ය කරන එන්නත් සම්පූර්ණයෙන්ම රජය විසින් නොමිලේ ලබා දෙමින් ලදරුවාට හෙපටයිටීස් - බී (Hepatitis –B ) රෝගය බෝවීම වැළැක්වීමට පියවර ගන්නා බවද පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
