ශ්‍රීලංකාව හා නවසීලන්තය අතර ද්විපාර්ශවික වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහා කොමසාරිස් මයිකල් ඇප්ලටෙන් මහතා හා වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (13දා) වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ දී පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ පවතින ආර් ථික අර් බුදය හා ශ්‍රි ලංකා නවසීලන්ත වෙළඳ ආර් ථිකය සහයෝගිතාවය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කල බව නලීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියහ. පසුගිය වසරට වඩා මෙම වසරේ ශ්‍රී ලංකාවෙන් නවසීලන්තය ට කල අපනයන ප්‍රමාණය සියයට 14 කින් වැඩි වුවද එය ප්‍රමාණවත් නොමැති බවද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාවෙන් නවසීලන්තය ට ඩොලර් මිලියන 33 ක භාණ්ඩ අපනයනය කරන විට ඩොලර් මිලියන 300 ක කිරිපිටි ඇතුළු භාණ්ඩ එරටින් මෙරටට ආනයනය කර ඇති බව නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. මේ වනවිට මෙරටින් නවසීලන්තය ට භාණ්ඩ අපනයනයේදී වෙළඳ බාධක කිසිවක් නොමැති බැවින් මෙරට අපනයන කරුවන්ව නවසීලන්තය ට භාණ්ඩ අපනයනය කිරීමට දිරිගැන්වීම කරන බවද අමාත්‍යවරයා සදහන් කලහ. මෙරටින් නවසීලන්තය ට තේ හා ඇගළුම් ප්‍රධාන වශයෙන් යවන බවත් ඒ අනුව නව ද වෙළඳ ගිවිසුමකට මෙහිදී අත්සන් තැබු බවත් වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම අවස්ථාවට නවසීලන්ත නියෝජ්‍ය මහා කොමසාරිස් ඇන්ඩෘ ට්රැව්ලර්, නවසීලන්ත මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශක සුමුදු ජයසිංහ, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර වානිජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආනන්ද ධර්මප්‍රිය යන මහත්වරුන් ද
ජා-ඇල ප්‍රසංග පෙරේරා
