ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම්
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමාමහතා පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා මහතා ඇතුළු නියෝජිත පිරිස අද(12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.
ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවට එළැඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ.
ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්යක්ෂ චෙන් චෙන්, නියෝජ්‍ය අධ්යක්ෂ උත්සව් කුමාර් යන මහත්වරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

