ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (01දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි මහතා පැවසීය.
ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපතිවරයා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළේය.
