ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 23ක් වයැසැති තරුණයකු හදිසියේ අසනිපවී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇත.
කන්දකැටිය ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයකු ශ්‍රිපාදය දක්වා ගමන් කරන විටදි අද (25) දා අළුයම ඉදිකටුපාන ප්‍රදේශයේදි හදිසියේ අසනිපව මස්කෙළිය රොහලට ඇතුලත් කිරිමෙන් පසු මෙලෙස මියගොස්අ ඇත.
කන්දකැටිය මීගහකිවුල කරමැටිය පදිංචි අවුරුදු 23ක් වයසැති කේ. එම්. ජනිත් කාවින්ද යන අය මෙසේ මිය ගොස් ඇති අතර එම තරුණයාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විම සදහා මල සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ගෙන ගොස් ඇත.
චන්ද්‍ර සෙල්ලහේවා- හැටන්