නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයෙන් ශ්රීපාද වන්දනාව සඳහා නඬයක් සමග පැමිණි කාන්තාවක් අද (23) අළුයම 02.00 ට පමණ සීතගඟුල ප්රදේශයේදී හදිසියේ රෝගාතුරව මස්කෙළිය ප්රාදේශිය රෝහල වෙත ඇතළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇතිතේ, මිණුවන්ගොඩ, හීනටියල ප්රදේශයේ පදිංචිව සිටි ඩී.සමාරා මාලනී නැමති (39) හැවිරිදි විවාහක කාන්තාවකි.
මෙම කාන්තාව තමන් පැමිණි වන්දනා නඬයත් සමග නල්ලතන්නිය මාර්ගයෙන් අද අළුයම ශ්රීපාද වන්දාව සඳහා ගමන් කරමින් සිටියදී සීතඟගුල ප්රදේශයේදී හදිසියේ රෝගාතුරවී මිය ගොස් ඇති බවත්, මළ සිරුර සම්බන්ධව මරණ පරීක්ෂණය මස්කෙළිය ප්රාදේශිය රෝහලේදී අද පැවැත්වීමට නියමිත බවත් නල්ලතන්නිය පොලීසිය පැවසීය.
මේ දිනවල ශ්රී පාදස්ථානයේ දැඩි සීත දේශගුණයක් පවති.