මස්කෙලිය ශ්රි පාද නල්ලතන්නිය මාර්ගයට අද (03දා) උදැසන 10 ට පමණ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව ඇන හිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
එම මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් ප්රදේශයෙන් ප්රධාන මාර්ගයට පස් කන්දක් සමග ෆයිනස් ගස් කිහිපයක් කඩා වැටි ඇත.
ප්රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ෆයිනස් ගස් ඉවත් කිරිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් සහ මවුස්සාකැලේ යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් පියවර ගෙන ඇත.
