මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය , මම තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසිය.
අමාත්‍ය මහින්ද අමරවිර මහතා ඒ බැව් කියා සිටියේ කදුකර කොටියන් දඩයම්කරුවන්ගේ සහ මර උගුල් වලට හසු වි මියයාම සම්බන්ධයෙන් කදුකර කොටියන් බේරා ගැනිම සදහා ඊයේ (22දා) පස්වරුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේ වනජිවි නිලධාරින් , කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි..
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවිර මහතා කියා සිටියේ
වර්තමානය වන විට කඳුකර කොටින් මදු වලට හසුවීවදවී යාමේ ප්‍රවණතාවක් ඇති අතරඑම කොටින් රැකබලා රැකබලා ගැනීමට හා ආරක්ෂා කර ගැනීම සඳහාවිශේෂ සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට වනජීවී නිලධාරීන් සමග එකට එකතුව කටයුතු කිරීමට අද දවසේ තීරණය කර ගත්තා,
මේ වැඩේ අමාත්‍යංශ මට්ටමින් විතරක් කරන්න බැහැ සියලුම නිලධාරීන්ගේ සහයෝගයත් අවශ්‍ය වනවා ,
තමන්ගෙ වගාව බේරගන්නකදුකර කොටින්ට උගුල් ඇටවීම වැරදි වැඩක්අපි මේ පිළිබඳව ගොවි මහතුන් දැනුවත් කරන්න කටයුතු කරනවා ,
වර්තමානයේ අපට දැඩි චෝදනාවක් තිබෙනවා නුවරඑළියෙ උඩරට ගොවීන්ට බීජ අර්තාපල් ලබාදීමටනුවරඑළිය බීජ අර්තාපල් ගොවිපලවල් අපොහොසත් වී තිබෙනවා කියලා ,
ඒ කතාව ඇත්තක් තමයි ගිය කාලයේ තිබුණු නොයෙකුත් ප්‍රශ්න ඒ කියන්නේඅධික වැසි සහිත කාලගුණය පොහොර හිඟය හා සුළං සහිත කාලගුණ බීජ අර්තාපල් නිෂ්පාදනය කර ගැනීමට ඒ ආයතන වලට නොහැකි වෙලා තියෙනවා කියලා මා දැනුවත් කරලා තියෙනවා ,
ඒ නිලධාරීන්ට මා මේ වන විටඋපදෙස් ලබා දී තිබෙන්නේ ඊළඟ කන්නය වන විට හෝගොවීන්ට බීජ අර්තාපල්නිසි වේලාවට ලබා දීමට කටයුතු ලබාදීමට කටයුතු කරන ලෙස
දැනට තිබෙන බීජ අර්තාපල් ප්රමාණයදගොවීන් අතර බෙදා දීමට කටයුතු කරන ලෙස අප උපදෙස් ලබාදී තිබෙන්නේ ,
මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය නොයෙකුත් මැති ඇමතිලා සිරිකොතේ ලගින්න ගියාට මම නං යන්නේ නැහැ ඒ පැත්තට , මම තවමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉදිරි දේශපාලනය කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් සමගින් යනුවෙන් පැවසිය.