ශ්‍රිපාද වන්දනාවේ ගිය අයෙක් හෘදයාබාධයකින් මරුට
මැදමූලන සිට ශ්‍රිපාද වන්දනාවේ ගිය 76 හැවිරිදි නඩේ ගුරෙකු ළිහිණිහෙල අසලදි හෘදයාබාධයක් ඇතිවිමෙන් මියගොස් ඇතැයි රත්නපුර ශික්ෂණ රෝහලේදි පැවති හදිසි මරණ පරික්ෂණයේදි හෙළි විය.
මැදමූලන පල්ලේමූලන පදිංචි ලියනගමගේ සිරිසේන නම් 76 හැවිරිදි අයගේ හදිසි මරණ පරික්ෂණය ඊයේ (27දා) රත්නපුර ශික්ෂණ රෝහලේදි පැවත්විණි.
රත්නපුර හදිසි මරණ පරික්ෂක ටි.එම්.හරින්ද්‍ර ලක්ම්ණ තෙන්නකෝන් මහතා ව්සින් මරණ පරික්ෂණය සිදු කළේය. මියගිය තැනත්තා මැදමුලන ප්‍රදේශයේ පුද්ගලයින් 36 දෙනෙකු සමග එම වන්දනා නඩයට නායකත්වය දෙමින් රත්නපුර පළාබද්දල මාර්ගය ඔස්ස්සේ ශ්‍රිපාද වන්දනාවේ ගොස් ඇති බවත් ඔහු ශ්‍රිපාද වන්දනාවේ ගොස් ඇත්තේ 35 වැනි වතාවට බවත් ඉන් තිස් වතාවක් නඩේ ගුරෙකු ලෙස වන්දනාකර ඇති බවද මරණ පරික්ෂණයේදි හෙළි විය .
ළිහිණිහෙල අසළදි රෝගි වු මෙම පුද්ගලයා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් තිබුණි . මියගිය තැනත්තා රෝගි තත්ත්වයකින් පෙළෙමින් සිටියදි ශ්‍රිපාද වන්දනාවේ ගොස් ඇතැයි ද එවැනි පුදගලයින් වෙහෙස මහන්සිය ඇතිවෙන මෙවැනි වන්දනා ගමන් යෑමෙන් වැළකි සිටිය යුතු බව හදිසි මරණ පරික්ෂකවරයා පැවසිය .
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා
popular news
-
samson de silva Tuesday, 29 March 2022 02:36 AM
Mama ikmanata kiyewwaa, suba aaranchiyakda kiyalaa. Koheda, ratata ehema waasanaawak?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

