ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ තීන්දුව ලබාදීම ලබන මැයි මස 06 වෙනි දාට කල් තැබිණ.
මෙම නඩුව අද (11දා) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදියි. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙම නඩුවේ තීන්දුව අද (11දා) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.