ශ්‍රීපාදයට ඇතුළුවන ස්ථානය ‘ශිව පාදම්’ ලෙස වෙනස් කිරීෙමේ තීරණය අත්හිටුවයි
කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා නොකොට මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ්රීපාදස්ථානයට ඇතුළුවන ස්ථානය ‘%ශිව පාදම්’ ලෙස වෙනස් කිරීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (7දා) නියෝග කර ඇත.
මේ පිළිබඳව පළවූ පුවත් පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇත.
මේ අතර පළාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙළිය ප්‍රාදේශීය සභාවට අදාළ නියෝගය නිකුත් කිරීමටදආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.
පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුළ සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර සම්මුතියෙන් එය සිදු කළ හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.
චමිල් රූපසිිංහ

popular news
-
Champa Friday, 08 March 2019 05:11 PM
ශ්‍රී පාදස්ථානය දෙකට කඩලා ප්‍රාදේශීය සභා දෙකකට දුන්නේ මේ ආණ්ඩුව. මුළු ශ්‍රී පාදය සිද්ධස්ථානයම අයිති වෙලා තිබුනේ අඹගමුව ප්‍රාදේශීය සභාවට. ඊට පස්සේ එක කොටසක් බෞද්ධයෝ නැති මස්කෙළිය ප්‍රාදේශීය සභාවට දුන්න. දෙමල සහ වතුකර පක්ෂ නිකම් සුළු උද්ඝෝෂණයක් කළා. ඊට පහුවෙනිදා ජනාධිපති අගමැති සහ කැබිනට් එක ශ්‍රී පාදස්ථානය දෙකඩ කළා.බොහෝ සිංහලයන් බෞද්ධයන් ඊට විරුද්ධව කතා කළා. ආණ්ඩුව බෞද්ධයන්ගේ වචනය තඹයකට ගණන් ගත්තේ නැහැ. වතුකරයට වැඩිපුර ප්‍රාදේශීය සභා දුන්න. දැන් එනවා වැරදි හදන්න. පැලැස්තර වලින් ඕව කරන්න බැහැ. කරන්න ඕනේ මුළු ශ්‍රී පාදස්ථානයම නැවත අඹගමුව ප්‍රාදේශීය සභාවට දෙන එක.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

