වී මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුත් වී කිලේවක් රුපියල් 50ක මිලයක් යටතේ මිලදී ගැනිමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ප්‍රමිතියෙන් තොර තෙතමනය සහිත වී කිලෝවක මිල රුපියල් 45කට මිලදී ගැනිමටත් ඊයේ රැස්වූ කැබිනට් මණඩලයට ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
මෙවර වී මෙට්‍රක් ටොන් මිලියන 3ක වාර්තා ගත අස්වැන්නක් ලැබෙනු ඇති බවට රජය අපේක්ෂා කරන අතර එහි ආර්ථික වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙනු ඇතැයි ගණන් බලා තිබේ.
එසේම වී මිලදී ගැනිමේදී මහා පරිමාණ මෝල් හිමියන්ට මෙන්ම සුළු පරිමාණ මෝල් හිමියන්ටද රජයේ බැංකු හරහා 8%ක පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමටද අවස්ථාව ලබා දී තිබේ.