වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ජාඇල ප්‍රදේශයේ අයෙකු නිරෝධායනයට
කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ජාඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු ඊයේ (20) දින නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.
කොරෝනා වෛරසය ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දියත් කර ඇති අතර, එම මෙහෙයුම් මගින් විශාල පිරිසක් මේ වන විට නිරෝධායන කටයුතු සිදු කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පසුගිය දින කිහිපයේදී කටයුතු කරන ලදි.
ඒ අනුව ඊයේ (20) වන දිනද වෛරසය ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ජාඇල ප්‍රදේශයෙන් හදුනා ගැනීමට හැකිවී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත එම පුද්ගලයා නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව එදිනම ඔලුවිල් වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

