වඳ සැත්කම් කලැයි අසත්‍ය කරුණු මත අනිවාර්ය නිවාඩු ගැන්වු කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහෙහාමඩ් ෂාෆී මහතා වැඩ තහනමට ලක් කොට සිටි කාලයේ ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් මෙන්ම සියළු දීමනා ඔහුට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතීපතිවරයා අභියාචනාධිකරණයට අද (23දා) දැනුම් දුන්නේය.
අනිවාර්ය නිවාඩු ගන්වා සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහෙහාමඩ් ෂාෆී මහතා රිට් ආඥාවක් ඉල්ලා ඉදිරිපත් කොට ඇති පෙත්සම කැඳවනු ලබු අවස්ථාවේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ආයතන අධ්යක්ෂ ජනරාල්වරයා විසින් යොමුකර තිබු ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය.
අභියාචනාධකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙනු සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඒ බව දැනුම් දුන්නේය.
වෛද්‍ය මොහෙහාමඩ් ෂාෆී මහතා වැඩ තහනමට ලක් කොට සිටි කාලයේ ඔහුට හිමිවිය යුතු මුලික වැටුප්” දීමනා” ජීවන වියදම් දීමනා” අතුරු දීමනා ඔහුට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතීපතිවරයා වැඩි දුරටත් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම ලබන මැයි 31 වැනිදා යළි සළකා බැලීමට අභියාචනාධිකරණය නියම කළේය.