ළමා මන්දපෝෂණය ඇති බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව වැඩ තහනම් කිරමෙන් සෞඛ්‍ය බලධාරීන් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කළැයි කියමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14දා) තීරණය කළේය.
පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී අවස්ථාවේ දී ඉදිරිපත්වූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.
වෛද්‍ය චමල් සංජීව මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය බලධාරීන් පිරිසක් නම් කොට ඇත.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් විසින් තම වැඩ තහනම් කිරීමේන් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන්නයි ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබිණි.