කැබනිට් මණ්ඩලය විසින් රාජ්‍ය සේවයේ විවිධශ්රේණිවලට කරන වැටුප් වැඩිකිරිම වහාම අත්හිටුවා ජාතික වැටුප් ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන ලෙස ඉල්ලා එළැඹෙන 21 දා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයිි.
මෙම වැඩවර්ජනය එක්දින වැඩ වර්ජනයක්ද එසේත් නොමැතිනම් ඊට වැඩි කාලයක් සිදුකරන වර්ජනයක්ද යන්න ඉදිරියේදී තීරණය කරන බව එම සංගමයේ ලේකම් වෙද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ජාතික වැටුප් ප්‍රතිපත්තියට පිටින් කැබිනට් මණ්ඩලය විසින් විවිධ ශ්‍රේණිවල වැටුප් වැඩිකිරීම හේතුවෙන් වැටුප් විිශමතාවක් නිර්මාණය වි ඇති බවත් ඒ අනුව විවිිධ වැඩ වර්ජන ආරම්භ කර ඇති බවත් ඔහු පැවැසීය.