වෛද්‍යවරුන්ටත් නිගා කළ වෛද්‍යවරයෙක් අල්ලයි
මත්පෙති වර්ගයක් තරුණයන් ඉලක්ක කර වැඩි මිලට අළෙවි කරන බව කියන වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට දවුලගල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.
මෙම මත් පෙති ස්නායූ රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබාදිය යුතු පෙති වර්ගයක් බවද මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ තරුණයින්ට මෙය ලබාදෙන බව පරික්ෂන මගින් තහවුරු වි ඇත.
මෙම වෛද්‍යවරයා දවුලගල අලපලාවල ක්‍රීඩාංගනයක් අසලදි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ අදාළ මත්පෙති 301 ක් තිබූ බව පොලීසිය පවසයි.
සැකකාරු 50 හැවිරිදි වෛද්‍යවරයා ස්නායූ රෝගීන් සඳහා වේදනා නාශකයක් ලෙස ලබාදෙන අදාළ පෙති දෙකක් රුපියල් 500 ක මුදලකට අළෙවි කරන බවට ලද තොරතුරු මත පොලීසිය උපාය දූතයෙකු යොදවා පෙති මිලට ගැනීමට සලස්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම වෛද්‍යවරයා සේවය කරන ප්‍රාදේශීය රෝහලේ පුනරුත්ථානපන මධ්‍යස්ථානයක්ද ක්‍රියාත්මක වන බවද ප්‍රෙද්ශවාසිහු පැවසිය.
මෙයට මාස කිහිපකට පෙර මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රාවණයක් එන්නත් කර ගැනීමෙන් පසු මියගිය තරුණයෙකුගේ මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ප්‍රදේශවාසි තරුණයෙකු පවසා තිබුණේ මියගිය තරුණයා ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්නා මත්පෙති විකුණා ලැබෙන මුදලින් හෙරෝයින් මත්කුඩු පානය කරන බවයි.
එම මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වූ වෛද්‍යවරයා මෙම සැකකරුද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් අධිකාරි ඔමේෂ් රන්දික මහතාගේ උපදෙස් මත දවුලගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් රත්නායක, උප පොලිස් පරීක්ෂක දිසානායක,පොලිස් කොස්තාපල්වරුන් වන 777465 රුවන්, 95324 ලාල් යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
