මහියංගන, මාපකඩවැවේ දිය නෑමට ගිය වෛද්‍යවරු දෙදෙනෙක් අතරින් එක් වෛද්‍යවරයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ඊයේ පස්වරුවේදී මහියංගනය හා කරවනැල්ල රෝහල්වල සේවය කරන වෛද්‍යවරු දෙදෙනෙක් මෙසේ වැවේ දිය නෑමට ගොස් තිබේ.
මෙහිදී දියේ ගිලුන වෛද්‍යවරයා බේරාගෙන මහියංගනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
කරවනැල්ල රෝහලේ සේවය කරන අවුරුදු 31ක් වන දිවුලපිටිය පදිංචි වෛද්‍යවරයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.