වෛද්‍යවරයාගේ නිවසේ ගිනි අවි සහ ආයුධ
බොරැල්ල සියලු සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල වට මාවතේ විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි සහ ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.
එම ගිනි අවි අතර පිස්තෝල 04ක්, රිවෝල්වරයක්, කඩු 02ක්, රම්බෝ පිහියක් සහ හදුනා ගත නොහැකි ගිනිඅවියක් තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඊයේ (18දා) රාත්‍රී වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


popular news
-
Demuni Uduwara Thursday, 20 January 2022 01:27 AM
Alleged accused's son says otherwise!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

