මඩකළපුව දිස්ත්රික්කය තුළ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය සඳහා ඉඩම් හඳුනා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ඒ අනුව මඩකළපුව දිස්ත්රික්කයේ වෙරුගල්ආරු සිට මඩකළපුව දක්වා ඇති වෙරළාශ්රිත රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
එම ප්රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරමින් 2023 වසරේදී මඩකලපුව හොඳම සංචාරක ගමනාන්තයක් බවට පත්කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.
මඩකළපුව දිස්ත්රික් ලේකම් කේ. කරුණාහරන් මහතා ඇතුළු ප්රාදේශීය ලේකම්වරු කිහිප දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට එක් වූහ.