රුපියල් 122ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි අයුරින් අඩු මිලට සීනි තොග නොලැබීම නිසා මේ වන විට වෙළෙඳ පොළේ සීනි හිඟයක් නිර්මාණය වී ඇතැයි වෙළෙඳසල් හිමියෝ පවසති.
සුදු සීනි කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත් පැකට් කළ සුදු සීනි කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් මස 02වැනිදා ගැසට් පත්රයක් නිකුත් කර තිබිණි. ආනයනකරු විසින් සුදු සීනි කිලෝ 01ක් විකිණිය යුතු තොග මිල රුපියල් 116ක් ලෙස එම ගැසට් පත්රයේ සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ප්රදේශ රැසක සුදු සීනි හිඟයක් පවතින බවත් ඇතැම් ප්රදේශවල පාලන මිල ඉක්මවා සුදු සීනි අලෙවි කරන බවටත් පාරිභෝගිකයෝ චෝදනා කරති.