2022 වසරේ ජුනි මාසයේ ශ්රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් බවට පත්ව තිබේ. මෙහිදී ඇඟළුම් හා රෙදි පිළි, රබර් හා පොල් ආශ්රිත නිෂ්පාදනවල වර්දධනය කැපී පෙනෙන ලෙස පෙනෙන්ට තිබේ.
2021 වසරේ ජුනි මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් විය. මේ අනුව සලකා බැලීමේදී වාර්ෂික වර්ධනය සියයට 20ක් බවට පත්ව තිබේ.
එසේම 2020, 2021 හා 2022 මුල් මාස හය සලකා බැලීමේදි වෙළඳ භාණ්ඩ අපනයනය පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4, 5.7 ක් හා 6.4ක් ලෙස වර්ධනය වී තිබේ.
කෙසේ වෙතත් තේ අපනයනය පහළ ගොස් තිබේ. දියමන්ති හා මැණික් අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 20.33 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 40.72ක් දක්වා සියයට 100කින් වර්ධනය වී තිබේ.
එසේම සැකසූ ආහාර පාන වර්ග ඇමෙරිකානු ඩොලර් මිලියන 26.70 සිට 45.52ක් දක්වා ද මුහුදු ආහාර අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 15.77 සිට 36.39ක් දක්වා වර්ධනය වී තිබේ.