භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්රකාශනයේ ජා- ඇල මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහපොළ අධ්‍යපන හා වෙළද ප්‍රදර්ශන භූමියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය .
" වැට් බද්ද 18% කින් වැඩිවනවි ට පාරිභෝගිකයාගේ පැත්තෙන් විශාල වශයෙන් පීඩනයක් මට තියනවා. භාණ්ඩ වල වැට් වැඩිවීමත් සමග පාරිභෝගික භාණ්ඩ වල මිල යම් වැඩිවීමක් වන බව අපි පිළිගන්න ඕනේ.
කෙසේ වෙතත් අපි රටක් වශයෙන් තීරණාත්මක තැනක ඉන්නේ. පසුගිය කාලයේ අපි ගෙනගිය ආර්ථික ප්‍රතිපත්තිය ලෝකයම පිළිගන්නවා. අපිට මේ වෙලේ සියලුම දෙයට වඩා රාජ්‍ය ආදායම වටිනවා. අපි රටක් විදිහට මෙම තීරණය ගන්නම අවශ්‍යම වෙලාවක් තමයි මේ කටයුත්ත කලේ.
ඒ කෙසේ වෙතත් අපේ අතර මැදියන් බදු වැඩිවීමක් ගැන අහන්න ලැබුණ ගමන්ම බඩු මිල විශාල වශයෙන් වැඩි කරන්න ගන්නවා. ඒ නිසා පාරිභෝගික අධිකාරිය හා වෙළද අමාත්‍යංශය ඉදිරි සති කිහිපය තුළ මේ ගැන මැදිහත් වීමක් කරනවා.
වැට් වැඩිවීම තුළ පාරිභෝගික භාණ්ඩ වල මිල වැඩි නොකර කළමණාකරණය කර ගැනීමට හැකියාවක් තියන බව මට විශ්වාසයක් තියනවා ".
මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ අය වැයෙදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දෙයාකාරයකට කටයුතු කරන්නේ ඇයිද යන්නයි එහිදී නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ එය ඒ දෙන්නාගෙන් අසා දැනගත් යුතු බවත් , ඒ කෙසේ වෙතත් එම දෙදෙනා හොදට කතා බස් කරන නිසා දෙන්නා එකට කතාකරලා එක උත්තරයක් දෙනවා නම් වඩා හොද බවයි