පාරිභෝගික කටයුතු අධිකාරිය සීනි සඳහා පාලන මිලක් පැනවීමත් සමඟම බොහෝ වෙළඳ සැල් වල සීනි හිඟයක් ඇතිවී තිබීමෙන් පාරිභෝගිකයන් ඒ ආශ්රිත ක්ෂේත්ර ගණනාවක නිෂ්පාදකයන්, හෝටල් හිමියන් දැඩි අපහසුතාවයට පත්වී ඇත.
සුදු සීනි කිලෝ එකක පාලන මිල රුපියල් 275ක් වශයෙන් නියම කෙරුණද තමන්ට තොග වශයෙන් ලැබෙන්නේ ද එම මිලටම බවත් ,එම මිලට ලැබෙන්නේ කිලෝ 50 ක එක මිටියක් පමණක් බවත් වෙළෙන්දෝ පවසති.
මේ හේතුවෙන් තමන් එම සිනි මිටිය රැගෙන විත් පැකට් කර රුපියල් 295/= වැනි මිලකට පාරිභෝගිකයන්ට එක කිලෝව බැගින් පමණක් අලෙවි කරන බවත් ඔවුහු කියති.
ඇතැම් වෙළඳසැල් හිමියන් පාරිභෝගිකයන්ට රුපියල් 160 ක මිලකට සීනි ග්රෑම් 500 ක් පමණක් ලබා දීමට කටයුතු කරන අයුරු ද අසන්නට ලැබිණි.
වෙළඳපොලේ සිනි හිඟවීම හේතුවෙන් බේකරි හිමියන්, ආපනශාලා හිමියන් මෙන්ම රසකැවිලි නිෂ්පාදකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි දැනගන්නට ඇත.