යාල ජාතික වනෝද්‍යානයට අයත් භුමියට පිහිටා ඇති බුත්තල වෙහෙරගල ජලාශයේ සොරොව්වට ආසන්නව වැව් බැම්මෙි තිබී ටී 56 මැගසීන් 74ක්,LMG ඩ්‍රම්ස් 35ක්,MPMG හා GPMG ගිණි අවි සදහා යොදන හිස් පතරොම් ගැබ් විශාල ප්‍රමාණයක් සහ යම් රසායන ද්‍රව්‍යයක් පිරවු පොහොර උර දෙකක් ඇතුලුව යුධ හමුදාව භාවිතයට ගන්නා සංග්‍රාමික උපකරන රැසක් අද ( 01) පෙරවරුවේ සොයාගත් බව ගෝනගංආර පොලිසිය පවසයි.
වෙහෙරගල ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයකු, මෙම අවි ආයුධ වැවෙි වැව් බැම්මේ රළ පනාව අතර තැනින් තැන විසිරි ඇති අයුරු දැක, මෙි පිලිබදව සෙල්ලකතරගම යුධ හමුදා නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු, එම කදවුරේ යුදහමුදා නිළධාරින් හා ගෝනගංආර පොලිසිය එකතුව මෙම ආයුධ තොගය සොයාගෙන තිබෙි.
පොලිසිය පවසන්නේ මෙි වනවිට සොයාගත් අවි ආයුධ වලට වඩා වැඩි ප්‍රමාණයක් ජලාශයේ සොරොව්ව ආසන්න වැවෙි පතුලේ ඇති බවට සැකකරන හෙයින් නාවික හමුදාවෙි කිමිදුම්කරුවන් යොදා මේ පිලිබදව තවදුරටත් සොයා බැලීමට අදහස් කරන බවයි.
මෙි දිනවල ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන්, වෙහෙරගල ජලාශයේ ජල මට්ටම විශාල වශයෙන් පහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් ජලාශයේ සොරොව්වට ආසන්නයේ, වැව් බැම්මේ රළපනාවෙි සගවා තිබු මෙම ආයුධ තොගය මතුව ඇති බව පොලිසිය පවසයි.
මොණරාගල කොට්ඨාශය භාර වැඩබලන පොලිස් අධිකාරි බී.යු.පී මානියංගම මහතාගේ උපදෙස් මත ගෝනගංආර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටී.එම්.ඩබ්ලිව් බන්ඩාර මහතාගේ ප්‍රදානත්වයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකෙරේ.
මොනරාගල නයනජීව බණ්ඩාර



