මැණික් ගඟේ ජලපෝෂක ප්රදේශ වලට මේදින වල ඇදහැලෙන මහවැස්සත් සමඟ වෙහෙරගල ජලාශය ජලයෙන් පිරීයාම නිසා එහි වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘතකර ඇත.
තත්පරයට ඝනඅඩි එක්දහස් පන්සියයක පමණ ජල ප්රවාහයක් මෙසේ වාන්දොරටු වලින් මුදාහැරේ.
මෙම තත්ත්වය මත මැණික් ගඟේ පහළ කොටස ජලයෙන් පිරෙන බැවින් මැණික් ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙස කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් සහ ප්රදේශවාසීන්ගෙන් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටී.
මොනරාගල සුමනසිරි ගුණතිලක
