සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නියාමකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඔහු සතුව තිබූ රුපියල් 245000 ක මුදලක් කොල්ල කා පුද්ගලයන් තිදෙනෙක් පලාගොස් ඇතැයි මතුගම පොලිසිය කියයි.
මතුගම සිරි කඳුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට සුරාබදු නිලධාරීන් ද වෙස් වලාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සේ එම මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන් එම ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුණගැසී ඇතැයි පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සුරාබදු නිලධාරීන් නොමඟ යවමින් උපක්‍රමයක් යොදා සුරාබදු නියාමක නියාමකවරයෙකු කැලෑබද ප්‍රදේශයට ගෙන්වාගෙන නියාමකවරයාට තියුණු ආයුධයකින් පහර දී ඔහු සතුව තිබූ මුදල් කොල්ල කා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
කොල්ලකරුවන් පහර දී ඇත්තේ කඩුවකින් බවත් එම පහර දීමෙන් නියාමකවරයා ගේ දකුණු අතට තුවාල සිදුවී ඇති බවත් පොලිසිය කියයි.
සුරාබදු නියාමකවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිස් නිලධාරියකු පැවැසීය.
සුරාබදු නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් පවසන පොලිසිය ඔහුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වයි.