කෝටිපති ඇඟලුම් කර්මාන්තශාලා හිමියෙකු ගේ මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35 කට ආසන්න වටිනා ආරුනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපල සොරා ගැනීමේ සිද්ධියට" හෙට්ටියවත්තේ චාටර් චූටි " නැමැත්තා ඇතුළු තිදෙනකු පෙරේදා (3) පොසොන් පොහෝ දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී හොරයින් මත් කුඩු ගෑම් 20 මිලිගෑම් 300 පොලිස් භාරයට ගෙන එම සැකකරුවන් සමඟ සොරාගත් කැරට් 35 කට අධික බරකින් නිල් මැණිකක්, ලක්ෂ පහළොවක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුව පොලිසිය මඟින් සොයාගෙන ඇත
ඉකුත් වෙසක් පොහෝ දින ව්‍යාපාරිකයා බිරිඳ සහ දරු දෙදෙනා සමඟ සමඟ කොට්ටාව ප්‍රදේශයේ විහාරස්ථානයක දානයම පිංකමකට සහභාගී වී අනතුරුව කොළඹ ප්‍රදේශයේ සමීප ඥාතියෙකු වූ නිවසේ පැය කීපයක් ගත කර මීගොඩ නිවසට පැමිණ සියලු දෙනා නින්දට ගිය අතර වාරයේදී මෙම සොරකම සිදුකර තිබිණි.
පැමිණි සොරුන් නිවසේ අල්මාරි සහ කබඩ් කඩා නොමැති අතර නිවසේ දෙවන මහලේ පිටුපස පෙදෙසේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇතැයි නිලධාරියකු පැවැසීය.
එම සොරකම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සොරාගත් මැණික සන්තකයේ තබාගෙන සිටි බොරලස්ගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ එහි හැඩය වෙනස් කිරීමට බාර ගත් ඇහැලියගොඩ පදිංචි පුද්ගලයකු ද අත්අඩංගුවට ගනු ලැබීය.
නිවස තුළ තුළ තිබී සොයාගත් අනෙකුත් රන් භාණ්ඩ ඇතුළු දේපල සොයා ගැනීම සඳහා ප්‍රධාන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
එම මැණික ව්‍යාපාරිකයාට ව්‍යාපාර කටයුතුවලදී තුර්කියෙන් ලැබුණු එකක් බවට ද පැමිණිල්ලේ සඳහන් වේ.
මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එම් එන් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මතපොලිස් පරීක්ෂක සුබසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.