වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයන් අතරට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ඇතුළත්ව නොමැත. වෙසක් දිනයේදි ඔහුට ජනපති සමාව ලබාදෙන ලෙස කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් ඉල්ලා සිටියේය.
බන්ධනාගාර ගත සිර දඩුවම් විඳින සිරකරුවන් හට ඊයේ සිට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට දින 14 බැගින් න් පොදු සමාව ද, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිරදඩුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි විම, බන්ධනාගාර ගතව සිරදඩුම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ දඩුවමින් හරි අඩක් අඩු කිරීම හා අඩකට වඩා වැඩි කාලයක් දඩුවම් විදින ලද සිරකරුවන්ගේ දඩුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීම , මහාධිකරණයෙන් වසර 40 කට හෝ ඊට වැඩි සිර දඩුවම් නියම කර එම දඩුවම වසර 20 කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි යටතේ මෙම සමාව ලබා දී තිබේ.