වෙසක් උත්සවය වැටිලා ගියොත් වෙසක් පෝයත් අමාවකක් වෙනු ඇති බවත් වෙසක් පෝය ළංවෙත්ම ගිහි පැවැදි නායකයන් ප්‍රතිපත්ති වලට මුල්තැන දෙන ලෙස නිවේදනය කිරීම වැරැද්දක් බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජිත හිමිවරු සහ බෞද්ධ සංවිධාන ඇතුළු රාජ්‍ය ආයතන නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ වෙසක් උත්සව පිළිබද සාකච්ඡාවක් ඊයේ පැවැති අතර එහිදී අනුසාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
"අපේ වෙසක් උත්සවයට දේවානම් පියතිස්ස රජ සමය දක්වා විහිදි දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඊට පසුව අනුරාධපුර යුගයේ හිටි සෑම රජකෙනෙක්ම වෙසක් උත්සවය උත්සවාකාරයෙන් පවත්වා තියෙනවා. හැම රජ කෙනෙක්ම වෙසක් උත්සවය පවත්වා අවසානයේ ඔටුන්න පැළදුවා. ඒ විදිහටයි අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නෙ.
කෙසේ වුනත් අද අපේ වෙසක් උත්සවය වැටිලා. අපිට වෙසක්, ඇසළ, නිකිණි, පොසොන් වගේ බෞද්ධ උත්සවයි තිබුණේ. උත්සවය කියන්නේ සාමූහිකත්වය, එකඟතාවය හා සියලු දෙනා ඇප කැප වී වැඩ කිරීම කියන එකටයි. බෞද්ධ උත්සව ඉතිහාසයෙන් දැන් ඉතිරිවෙලා තියෙන්නෙ යාන්තමට වෙසක්, පොසොන් විතරයි.
වෙසක් උත්සවය වැටිලා ගියොත් වෙසක් පෝයත් අටවකක් අමාවකක් බවට පත්වෙයි. වෙසක් රැඳිල තියෙන්නෙ සැරසිලි නිසයි. ඒ සැරසිරි ආලෝකමත් විය යුතුයි. වෙසක් කිට්ටු වෙනකොට ගිහි පැවිදි නායකයෝ ප්‍රතිපත්ති වලට මුල්තැනක් දෙන්න කියලා නිවේදන නිකුත් කරන එක වැරදියි.
වෙසක් උත්සවය නිසා රටට විදුලි කාර්මික ශිල්පීන්, සංගීතයඥයින්, කැටයම් ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, නළු නිළියන් රාශියක් රටට දායාද වෙලා තියෙනවා. මේ රටේ හිටපු ප්‍රධාන පෙළේ රංගන ශිල්පීන් වෙසක් නාට්‍ය ඔස්සේත්, ගායක ගායිකාවන් වෙසක් භක්ති ගීත ගායනා ඔස්සේත් ඉදිරියට ආපු අය. චිත්‍ර ශිල්පීන්, නාට්‍ය ශිල්පීන් බොහෝ අය එවැන්නන්. මේ උත්සවය ආරක්ෂා කිරීම රජයේ හා බෞද්ධ ජනතාවගේ යුතුකමක්.
මේ තුළින් ජාතික සමගිය ඇතිකළ හැකියි. සියලු ජාතීන් සම්බන්ධ කරගෙන වෙසක් සැරසිලි කළ හැකියි. අපේ දන්සැල්වලින් කෑම කන්න ඒ අය එනවා. සතියක් තිස්සේ අපි වෙසක් උත්සවය පවත්වනවා. මේ උත්සවය ආරක්ෂා කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමා කල්පනා කිරීම අගය කරනවා. අපේ ගම්වල දරුවෝ වෙසක් උත්සවයට කූඩු හදන එකේ හොඳ පැත්ත ගැන කවුරුත් හිතන්නේ නැහැ. වෙසක් කූඩුවක් හදන අවස්ථාවේ කිසිම කෙනෙක් පවකට යොමු වෙන්නෙ නැහැ. නිවසේ සියලුදෙනා පවකට යොමු නොවී පැයක දෙකක කාලයක් ගත කරනවා. විවිධ මත නිර්මාණය කරනවා.
වෙසක් උත්සව කාලයට බෞද්ධ සමාජයට විෂය අදහස් ඇතුල් කරනවා. වෙසක් උත්සවය ආරක්ෂා කිරීමට රජය මැදිහත්වීම අවශ්‍යයි. තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය වගේ විදෙස් රටවලින් වෙසක් බලන්න සංචාරකයින් මෙරටට එනවා. අපේ දන්සැල් දැකලා ඔවුන් පුදුම වෙනවා. නිකන් කන්ඩ දෙනවා විතරක් නෙමෙයි. බලෙන් වාහන නතර කරලාත් කන්ඩ දෙනවා. සතා සිව්පාවෙක්වත් බඩගින්නෙ නොතියන පුදුම සංස්කෘතික ඉතිහාසයක් සමඟයි අපි ජීවත් වෙන්නේ.
මෙම අවස්ථාවට කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩල නියෝජනය කරන හිමිවරුන්, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, , අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, අමාත්‍යංශ ලේකම්වරු, කොළඹ මහ දිසාපති කේ. ජී. විජේසිරි මහතා, නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, කොළඹ දිස්ත්‍රික්කය නියොජනය කරන ප්‍රාදේශිය ලේකම්වරුන්, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා, යුද, නාවික, ගුවන් හමුදා නියෝජිතයින් ඇතුළු බෞද්ධ සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූහ.