වෙල්ගමගෙන් මැතිවරණය ගැන අනාවැකියක්
ඡන්දය නොපවත්වන බවත් එය අනිවාර්යයෙන්ම කල් දමන බවත් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි. අද කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැති උත්සවයකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
"මේක කල් යනවා. (ඡන්දේ) මේ බොරු කරන්නේ. මේක අනිවාර්යයෙන්ම කල් යනවා. කල් දාලා මේ අය ඡන්දේ තියන්නේ නෑ. මේ අය කවදා හරි මහ ඡන්දයක් හරි එක්කෝ ජනාධිපති මැතිවරණයක් හරි තියයි. මේක නිකන් මිනිස්සුන්ව රවට්ටන්න කරන එකක්. දැන් මැතිවරණ කොමිෂමත් කඩලා.
රංජිත් සියඹලාපිටිය කියනවා අච්චු ගහලවත් සල්ලි නැතිලු. ඉතින් කොහොමද මැතිවරණයක් තියන්නේ. ඡන්දයක් තිබ්බොත් ඉදිරිපත් වෙනවා. අපිට අතේ ලේ තවරාගත් මිනිස්සු එක්ක යන්න බෑ.
පෝර ප්රශ්නේ ගෙනාපු අයත් එක්ක යන්නේ නෑ. ගෝඨාභය එපා කියලා ලංකාවේ පළමුවෙන්ම කිව්වේ මම විතරයි. ලංකාවේ ජනතාවට කියනවා මම කියපු දේ ඇහුවොත් ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා. රට විනාශ කරපු අය එක්ක අපි යන්නේ නෑ.
අපි යනවා නව ලංකා නිදහස් පක්ෂය ලෙස. ශ්රී ලංක නිදහස් පක්ෂයේ නායකයෝ දෙන්නෙක් මේ රට විනාශ කළා."
popular news
-
janahitha Wednesday, 11 January 2023 01:18 PM
API RUHUNU kUMARIYE YANAVA OHE VENA KEMMALAKA YANNA
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

