වෙලම්බොඩ කෝටි 22 කොල්ලයට කාන්තාවක් අල්ලයි
ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22ක මුදලක් කොල්ලකෑම සඳහා කොල්ලකරුවන් පැමිණි වෑන් රථයේ හිමිකාරණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙලම්බොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රන් බිස්කට් කිලෝ 15ක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 22 ක මුදලක් ගෙන්වාගෙන එම මුදල් ඉකුත් මැයි මස 08 වැනි දින 08 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ කොල්ලකා තිබුණි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරණියක බව කියන සැකකාර කාන්තාව තඹුත්තේගම ප්‍රදේශයේ සැඟව සිටියදී ලද තොරතුරකට අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
වෙලම්බොඩ ප්‍රදේශයේ ආවේෂණ කැමරාරා පද්ධති පරීක්ෂාකොට වෑන් රථය හඳුනාගෙන ඇති අතර මුදල් කොල්ලකෑම සඳහා එම වෑන් රථය පදවාගෙන පැමිණ ඇත්තේ ද එම වෑන් රථය හිමි කාන්තාවගේ සැමියා බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
කොල්ල කෑ මුදල් සහ වෑන් රථය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර එම කොල්ල කෑමේ සිද්ධියට තවත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

