කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේ දී යතුරුපැදියකින් යමින් සිටිය අඹුසැමි යුවළකට සිදුකළ වෙඩි තැබීමකින් සැමියා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කිඹුලා ඇල ප්‍රදීප් නමැත්තකු බවට තොරතුරු ලැබී ඇති අතර වෙඩි වැදුණු ස්ථානයේ තිබී පිස්තෝල අවියක හිස් උණ්ඩ දෙකක් සොයාගෙන තිබේ.