වෙද්‍ය සැපයුම් ටෙන්ඩරයට කෙහෙළිය වරදකරු වෙයි, රු. මිලියන 75ක දඩයක් ගෙවන්න නියෝග
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන් වුණි.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා විසින් රුපියල් මිලියන 50ක මුදලක්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න මහතාට විසින් රුපියල් මිලියන 50 මුදලක්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා විසින් තවත් මිලියන 50ක් ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
