කළුතර දකුණ පොලිස් වසමේ ගල්ලස්ස ප්රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් 2026.10.09 වන දින උදෑසන එහි හිමිකරුට වෙඩි තබා ඝාතනය කර, ඔහුගේ බිරිඳට බරපතල තුවාල සිදු කර තිබූ අතර තුවාල ලැබූ කාන්තාව නාගොඩ රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී 2026.10.11 වන දින අළුයම මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 52 ක් වූ දොඩංගොඩ ප්රදේශයේ පදිංචිකාරියකි. කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.