විරෝධතාකරුවන් ඉලක්ක කර ගනිමින් යුද හමුදාව වෙඩි ප්‍රහාර එල්ල කළ බවට දැක්වෙන වීඩියෝව පිළිබඳව යුද හමුදාව කරුණු පැහැදිලි කර තිබේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව ප්‍රකාශ කරන්නේ වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවයි.
එය කිසිසේතම විරෝධතාකරුවන්ට ශාරීරික හානියක් සිදු කිරීමේ අරමුණින් කළ වෙඩි තැබීමක් නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි
යුද හමුදාව නිකුත් කළ නිවේදනය...
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට සෙනසුරාදා (09) දින බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහදැරූ විරෝධතාකරුවන්ට යුද්ධ හමුදා භටපිරිස් හිතාමතා හානිකිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට ප්‍රචාරය වන වීඩියෝ පට කිහිපයක් සම්බන්ධව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවධානය යොමුව ඇත.
විරෝධතාකරුවන් ඉලක්කකොට වෙඩි තැබූ බව පවසන මෙම සමාජ මාධ්‍ය පුවත් යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, විරෝධතාකරුවන් එම පරිශ්‍රය වෙත ඇතුලුවීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුලුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් තැබීමට යුද්ධ හමුදාවට සිදුවීය.
අහසට වෙඩි තැබීම සහ ගේට්ටු පැති බැම්මට වෙඩි තැබීම, වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කළ අතර එය කිසිසේත්ම විරෝධතාකරුවන්ට ශාරීරික හානියක් සිදුකිරීම සඳහා ගත් පියවරක් නොවන බව යුද්ධ හමුදාව අවධාරණය කර සිටියි.