වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
2025.06.30 වන දින කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබිණි. ඒ අනුව ලද තොරතුරක් මත ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු2025.08.26 වන දින දහවල් කාලයේ රත්නපුර පොලිස් වසමේ පැල්වාඩිය
ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන රත්නපුර ප්රදේශයේපදිංචිකරුවෙකි. රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම 2025.07.18 වන දින දෙහිවල පොලිස් වසමේ දුම්රියපොල පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක්ආරම්භ කර තිබිණි.
ඒ අනුව ලද තොරතුරක් මත ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඩ2025.08.26 වන දින උදෑසන කාලයේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්12 මිලිග්‍රෑම් 20 ක් සමඟ සහ දෙල්ගහවත්ත, හල්පිට ප්‍රදේශයේදී අපරාධයට ආධාර
අනුබල ලබාදුන් සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 23 ක් වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 38 ක් වන කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකාරියකි. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.