වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් හතරක් අල්ලයි, හතරම අවුරුදු 24ට අඩුයි
- 11 02 2026
- 07:43
- {{hitsCtrl.values.hits}} views
- ..
2026.02.07 වන දින කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු 2026.02.10 වන දින දහවල් බලංගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන නාගොඩ, කළුතර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඉහත අපරාධයට අමතරව පහත අපරාධ සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.
• 2025.12.31 දින නාගොඩ රෝහල තුලදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම.
• 2026.01.09 දින දෙහිවල පොලිස් වසමේදී හෝටලයක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
2026.02.07 වන දින කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් ද කළුතර සහ බලංගොඩ ප්රදේශවලදී විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 23 හා 24 වයස්වල පසුවන කළුතර ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 23 ක් වන බොලොස්සගම ප්රදේශයේ පදිංචිකාරියකි.කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
