හංවැල්ලේදී ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමෙ සිදුවීමට සම්බන්ධ සැකකරු පොලිසිය වින් ඒල්ල කල වෙඩි ප්‍රහාරයකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (06දා) අලුයම් කාලයේදී හංවැල්ල, කිඹුල්බෙනෙය ප්‍ර දේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අපරාධකරු අත්අඩංගුවට ගැනිමට යාමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
ඒහිදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ තුවාල ලැබූ සැකකරු අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කිරීමේ අනතුරුව මිය ගොස් තිබේ.
සැකකරු සන්තකයේ තිබී පොලිස් නිලධාරීන් වෙත වෙඩි තැබීමට යොදා ගත් බව කිය පතරොම් තුවක්කුවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.