ගාල්ල දඩල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකු ඉලක්ක කර වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබේ. අද පස්වරු 1.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැත.
මෝටර් රථය ගාල්ල දෙස සිට පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව යළි ගාල්ල දෙසටම ධාවනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.
ප්‍රහාරය එල්ල වු අය සහ ඔහුගේ පුතා සංචාරක හෝටලයේ නතරවී සිටි කිසියම් සංචාරකයකු මුණගැසීමට ඔවුන් හෝටලයට පැමිණ නැවත පිටව යාමේ දී වැගන් ආර් වර්ගයෙන් සුදු පැහැති රථයකින් පැමිණි අයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
වෙඩි පහරට ඉලක්ක වූ පුද්ගලයන් දෙදෙනා එයින් මිදී ගාල්ල පොලීසිය වෙත පසුව ගොස් ඇතැයි ද වාර්තා වෙයි.
වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය මේ වන තෙක් සොයා ගැනීමට නොමැති අතර ගාල්ල පොලිසියේ කණ්ඩායම් කිහිපයක් එක් වී මේ වන විට පරීක්ෂණ පවත්වනවා. ප්‍රහාරය එල්ල වූ බවට සැක කරන ත්‍රිරෝද රථයේ පැමිණි අය ගාල්ල උනවටුන ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන්.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්