වෙඩික්කරුගේ ඉලක්කය ට්‍රම්ප් හා පරිපාලනයයි
සෙනසුරාදා රාත්‍රියේ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවති හෝටලය තුළ වෙඩි තැබිමට සම්බන්ධ පුද්ගලයා සම්බන්ධයෙන් ඇමෙරිකා ආරක්ෂක අංශ මාධ්‍ය වෙත අණාවරණයක් කර තිබේ.
කෝල් තෝමස් ඇලන් ලෙස නම් කර ඇති මෙම සැකකරු 31 හැවිරිදි කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් කලාපයේ ටොරන්ස් හි පදිංචි අයෙකි.
වොෂින්ටන් හිල්ටන් හෝටලය තුළ ආරක්ෂක නියෝජිතයන් විසින් ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සඳහන් කර ඇත්තේ තමන්ට ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන්ට වෙඩි තැබීමට අවශ්‍ය වූ බවයි.
වැඩබලන එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලැන්ච් පැවසුවේ සැකකාර වෙඩික්කරුගේ චේතනාව තවමත් විමර්ශනය වෙමින් පවතින නමුත් "මූලික" සොයාගැනීම්වලින් පෙනී යන්නේ ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පරිපාලන නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සිටින බවයි.
බ්ලැන්ච් පැවසුවේ චූදිත තුවක්කුකරු හෝටලයේ ආයුධය එකලස් කර ඇති බවට වන වාර්තා දැන් විමර්ශකයින් විසින් සොයමින් සිටින පවයි. සැකකරු ලොස් ඇන්ජලීස් සිට චිකාගෝ දක්වාත්, පසුව වොෂින්ටන් ඩීසී දක්වාත් දුම්රියෙන් ගමන් කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
